Thursday, April 28, 2011

එක යායේ කකා වැටී

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පව්ලේ උපන්ලෙසේ
කල ආරක්සා
නාස් ලණුව දමනවාලු
කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුබ වේවිලු කඹරගොයා
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
දත ගලවා අතේ තියා
නුබ නටවයි ඒ ලමයා
පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී

වලට වැටුනු එකා යකා
ව‍ලටම ඇදගනු නිසකා
වලෙන් උඩට එන්නට
අත දෙන්නට කැමතී
නෑදෑහිතෙක්වතෙක් නැතී
ඒගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි

Sunil Edirisinghe

කලේ පැන් ඇත නැවුම් රහ නැත

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිදට වූයේ
පුලුස්සාගත් රොටිය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහකොට සුලග ඇතඑද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඩ නැත
සවන් බිහිරිව ගියාදෝ

පුරුදු නිවහන ‍නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්

Sunil Edirisinghe

Saturday, April 16, 2011

ජලේ ගැබුර ඔරුව දන්නෙ නෑ

ජලේ ගැබුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවද ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුබට බොරු කියන්නෙ නෑ

ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම කියායන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි

නැන්ද මාම මට බනීවිදෝ
දූව දෙන්න බෑ කියාවිදෝ
මැවූ සිහින සුන්ව යාවිදෝ
නුබවත් මට බහක් දේවිදෝ

Jagath Wickramasinghe

බා ගන්න
http://ananmanan.org​/sinhala_mp3/Jagath_​Wickramasinghe_Jale_​Gambura.mp3